ගුවන රකින නිහඬ පවුර – ජාත්‍යන්තර ATSEP දිනය වෙනුවෙන් විශේෂ රූපවාහිනී වැඩසටහන
ජාත්‍යන්තර ATSEP දිනය – 2026 | 2026 නොවැම්බර් 12
ගුවන් ගමන් සුරක්ෂිතතාව වෙනුවෙන් තිරය පිටුපස සිට නිහඬව, එහෙත් අතිමහත් වගකීමකින් යුතුව කැපවී සේවය කරන ගුවන් ගමන් ආරක්ෂතා විද්‍යුත් හා තාක්ෂණික වෘත්තිකයන්ගේ (Air Traffic Safety Electronics Personnel – ATSEP) මෙහෙවර ඇගයීමට ලක් කෙරෙන ජාත්‍යන්තර ATSEP දිනය නොවැම්බර් 12 වන දිනට යෙදී තිබේ.
මෙම සුවිශේෂී දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ATSEP වෘත්තිකයන් විසින් ඉටු කරනු ලබන අත්‍යවශ්‍ය මෙහෙවර පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් විශේෂ රූපවාහිනී වැඩසටහනක් 2026 නොවැම්බර් 13 වන දින පෙරවරු 11.00 ට විකාශය කරන ලදී.
“ජාතික මෙහෙවර” වැඩසටහනේ “ගුවන රකින නිහඬ පවුර” යන තේමාව යටතේ පැවති මෙම සාකච්ඡාව Sirasa TV / TV1 ඔස්සේ විකාශය වූ අතර, News 1st YouTube නාලිකාව ඔස්සේ ද නැරඹීමට අවස්ථාව සලසා තිබුණි.
ගුවන් ගමන් සුරක්ෂිතතාව පිටුපස ඇති නිහඬ මෙහෙවර
ගුවන් යානයක් ආරක්ෂිතව ගුවන්ගත වීමේ සිට ගොඩබෑම දක්වා සෑම අදියරකදීම ගුවන් ගමන් පාලන සහ සන්නිවේදන පද්ධතිවල විශ්වසනීය ක්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය වේ.
Air Traffic Safety Electronics Personnel (ATSEP) වෘත්තිකයන් විසින් Air Navigation Services සඳහා භාවිතා වන Communication, Navigation and Surveillance (CNS) පද්ධති ඇතුළු, ගුවන් ගමනේ ආරක්ෂාවට අදාළ Airport Security Systems වගේ අත්‍යවශ්‍ය තාක්ෂණික යටිතල පහසුකම්වල ස්ථාපනය, නඩත්තුව, පරීක්ෂාව සහ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා විශාල වගකීමක් දරනු ලබයි.
ගුවන් ගමන් පාලන මැදිරියට සහ ගුවන් නියමුවන්ට අවශ්‍ය නිවැරදි, විශ්වසනීය තාක්ෂණික සහාය අඛණ්ඩව ලබාදීම තුළින් ගුවන් ගමන් සුරක්ෂිතතාව සහ කාර්යක්ෂමතාව පවත්වාගෙන යාමට ATSEP වෘත්තිකයන් සුවිශේෂී දායකත්වයක් සපයයි.
බොහෝ විට මහජනතාවගේ අවධානයට ලක් නොවන මෙම තාක්ෂණික මෙහෙවර ගුවන් සේවා පද්ධතියේ අත්‍යවශ්‍යම පදනමකි.
වැඩසටහනට සහභාගී වූ සම්පත් දායකයින්
මෙම විශේෂ සාකච්ඡාව සඳහා ATEOASL නියෝජනය කරමින් පහත සඳහන් වෘත්තිකයන් සම්පත් දායකයින් ලෙස සහභාගී වූහ.
- අනුරුද්ධ ඩයස් මහතා – සහකාර ගුවන් ගමන් ආරක්ෂතා විද්‍යුත් ඉංජිනේරු
- රජින්ද රත්නායක මහතා – ගුවන් ගමන් ආරක්ෂතා විද්‍යුත් ඉංජිනේරු නිලධාරී
මෙම වැඩසටහන හරහා ATSEP වෘත්තිකයන්ගේ වගකීම්, දායකත්වය සහ ගුවන් ගමන් සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ඔවුන් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය පිළිබඳව පුළුල් සමාජ අවධානයක් යොමු කිරීමට හැකිවීම වැදගත් කරුණකි.
දැන් YouTube ඔස්සේ නරඹන්න
2026 නොවැම්බර් 13 වන දින විකාශය වූ මෙම විශේෂ වැඩසටහනේ පටිගත කළ වීඩියෝව දැන් News 1st නිල YouTube නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය.
ගුවන රකින නිහඬ පවුර – ජාතික මෙහෙවර | International ATSEP Day 2026
ATEOA වෙතින්
ජාත්‍යන්තර ATSEP දිනය නිමිත්තෙන් ගුවන් ගමන් සුරක්ෂිතතාව වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවී සේවය කරන සියලුම ATSEP වෘත්තිකයන්ගේ සේවය හා කැපවීම ATEOA විසින් ගෞරවයෙන් අගය කරනු ලබයි.
ගුවන සුරක්ෂිත කරන තාක්ෂණය පිටුපස සිටින නිහඬ වීරයන්ට අපගේ උත්තමාචාරය!
ATEOASL – Association of Air Traffic Safety Electronics Officers of Sri Lanka
The Silent Guardians of Our Skies – Special Television Programme for International ATSEP Day 2026
International ATSEP Day 2026 | 12 November 2026
Behind every safe flight, there is a dedicated team of technical professionals working silently, around the clock, to ensure the reliability and safety of aviation systems. International Air Traffic Safety Electronics Personnel (ATSEP) Day, celebrated on 12 November, recognizes and appreciates the vital contribution made by these professionals to aviation safety.
To mark this special occasion, a dedicated television programme highlighting the essential role of ATSEP professionals in ensuring aviation safety in Sri Lanka was broadcast on 13 November 2026 at 11:00 AM.
The special discussion, titled “The Silent Guardians of Our Skies” (ගුවන රකින නිහඬ පවුර), was featured on the Jathika Mehewara programme on Sirasa TV / TV1 and was also made available through the News 1st YouTube channel.
The Silent Mission Behind Aviation Safety
From the safe take-off to the landing of an aircraft, the reliable operation of air traffic control and communication systems is essential at every stage of a flight.
Air Traffic Safety Electronics Personnel (ATSEP) play a critical role in ensuring the installation, maintenance, inspection and continuous operational availability of essential technical infrastructure, including Communication, Navigation and Surveillance (CNS) systems used in Air Navigation Services, as well as vital Airport Security Systems.
By ensuring the continuous availability of reliable technical support for air traffic control centres and pilots, ATSEP professionals make an indispensable contribution to maintaining the safety, efficiency and reliability of aviation operations.
Although their work often takes place behind the scenes and remains largely unnoticed by the general public, their technical expertise and dedication form one of the essential foundations of the aviation industry.
Resource Persons Featured in the Programme
Representing ATEOASL, the following professionals participated in this special television discussion as resource persons:
- Mr. Anuruddha Dias – Assistant Air Traffic Safety Electronics Engineer
- Mr. Rajinda Ratnayake – Air Traffic Safety Electronics Engineering Officer
Through this programme, an opportunity was created to bring greater public awareness to the responsibilities, contributions and vital role of ATSEP professionals in safeguarding aviation operations.
Watch the Programme on YouTube
The recorded version of this special programme, broadcast on 13 November 2026, is now available to watch on the official News 1st YouTube channel.
The Silent Guardians of Our Skies – Jathika Mehewara | International ATSEP Day 2026
A Message from ATEOA
On the occasion of International ATSEP Day 2026, ATEOASL extends its sincere appreciation and recognition to all ATSEP professionals who dedicate themselves, day and night, to ensuring the safety and reliability of aviation operations.
Our heartfelt salute to the silent guardians behind the technology that keeps our skies safe!
ATEOASL – Association of Air Traffic Safety Electronics Officers of Sri Lanka
